පිල්ලෙයාන්ගේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඉදිරියේදී මොකද වෙන්නේ - ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නව දැනුම්දීම මෙන්න
By Malith Madushan
තමන් අත්අඩංගුවට ගෙන රඳවා තැබීමේ නීත්‍යානුකූලභාවය අභියෝගයට ලක් කරමින් නැගෙනහිර පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගය සඳහා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.
ඒ අනුව, අදාළ පෙත්සම ලබන ජනවාරි 19 වැනිදා විභාගයට කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇත.
මෙම පෙත්සම මඟින් පිල්ලෙයාන් සිය අත්අඩංගුවට ගැනීම සහ රැඳවා තැබීම නීතියට පටහැනි බව සඳහන් කරමින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට අධිකරණයේ සහනය පතා තිබේ.