සාධාරණ මිලකට ළූණු ගන්න ජනතාවට දෙන අලුත්ම සහනය මෙන්න.
By Wayomi
ආනයනික ළූණු වර්ග සඳහා ඇස්තමේන්තු මිල පරාසයක් මහජනතාව සහ වෙළෙඳ ප්‍රජාව දැනුවත් කිරිම සඳහා සතිපතා නිකුත් කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරනවා.
එම අධිකාරිය පවසන්නේ,ඒ අනුව ආනයනික රතු ළූණු කිලෝවක මිල රුපියල් 384 ත් 422 ත් අතර ද,ආනයනික ලොකු ළූණු කිලෝවක මිල රුපියල් 278 ත් 306 ත් ද,ආනයනික රෝස ළූණු කිලෝවක මිල රුපියල් 305 ත් 335 ත් අතර වන බවයි.
මෙමඟින් වෙළෙඳපොළ තුල තරඟකාරිත්වය තුලින් පාරිභෝගික මහජනතාව වෙත සාධාරණ මිලකට ආනයනික ළූණු මිල දී ගැනීමට අවස්ථාව සැලසීම බවයි අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරන්නේ.
එමෙන්ම මෙම මිල පරාසය පාරිභෝගික මහජනතාව දැනුවත් කිරිම සිදු කරන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.