ජීවි මත්ස්‍යයින් හා කැස්බෑවන් රැගෙන ගිය ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට...

By Parami Dissanayake Aug 10, 2024 05:57 PM GMT
Report

අද (10) දිනයේ දී ශ්‍රී ලංකාව තුළ අලෙවි කිරීම සදහා ජීවී මත්ස්‍යයින් සහ කැස්බෑවන් 365 දෙනෙකු රැගෙන පැමිණි ගුවන් මගියෙකු රේගු ජෛව විවිධත්ව ආරක්ෂණ ඒකකයේ සහ ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මොහු කොළඹ , තළවතුගොඩ ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි ව්‍යාපාරිකයෙක් වන අතර ඔහු සිය මිතුරෙකුට මෙම මත්ස්‍යයින් සහ කැස්බෑවන් තොගය ලබා දීම සදහා ගෙන ආ බව රේගු නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර තිබේ.

අද අලුයම සිංගප්පූරුවේ සිට සිංගප්පූරු ගුවන් සේවයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබු අතර, ඔහු විසින් සිය ගමන් මලු තුළ සගවා ගෙන මෙම සතුන් රැගෙන විත් තිබුණි.