නීතිවිරෝධී දුම්වැටි සමඟ මෙරට ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට
By Gagana News
විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක්, නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මඟියෙකු ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු බහරේන් සිට ගල්ෆ් එයාර් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර ඔහු විසින් රැගෙන විත් තිබූ ගමන් මලු තුළ තිබී විදේශීය නිෂ්පාදිත දුම්වැටි 20,000ක් අඩංගු දුම්වැටි කාටූන් 100ක් සොයාගත් බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය ප්‍රකාශ කරයි.
එලෙස සොයාගත් දුම්වැටිවල වටිනාකම රුපියල් ලක්ෂ තිහක් පමණ වන බව අනාවරණ වී ඇති අතර අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි ව්‍යාපාරිකයෙක් බව වාර්තා වේ.