අද බස් වැඩ කරත් හෙට වැඩ කරයි ද?. එතකොට 21.. දුර ගමන් සේවා වලට මොකද වෙන්නෙ?...

Election Latest Headlines Sri lanka election 2024 sl presidential election
By krishani Sep 19, 2024 12:57 PM GMT
krishani

krishani

Report

හෙට (20) දිනයේ දී බස් රථ ධාවනය 50%ක් දක්වා අඩු වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ ය.

ඒ මහතා මේ බව කියා සිටියේ අද (19) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ය.

"ජයග්‍රහණය සාමකාමීව භුක්ති විඳින්න.." - ජනපති සටනේ ජය සජිත්ට?.

"ජයග්‍රහණය සාමකාමීව භුක්ති විඳින්න.." - ජනපති සටනේ ජය සජිත්ට?.


එමෙන්ම, අද දිනයේ දී සාමාන්‍ය පරිදි බස් රථ ධාවනය සිදු වුව ද, හෙට දින සහ ජනාධිපතිවරණය පැවැත්වෙන 21 වැනිදා දින ද බස් රථ ධාවනය 10%ත් 20% අතර අගයක් ගන්නා බව ඔහු පැවසීය.

එමෙන්ම, දුර ගමන් සේවා බස් රථ සේවාව විශේෂයෙන්ම අඩාල වන බවත් එම බස් රථවල සේවකයින්ට ගම්බද ප්‍රදේශවල ඡන්දය දැමීමේ කටයුතු සඳහා යාම හේතුවෙන් එලෙස බස් ධාවනය අඩාල විය හැකි බවද ඔහු සඳහන් කළේ ය.

ගෝඨා පව්.. ගෝඨාභයට බෙල්ල දෙන්න වුණ හේතුව ගැන කවුරුත් නොහිතපු දෙයක් අනුර කියයි.. වාහන මිලත් අඩු වෙයි ද?. (VIDEO)

ගෝඨා පව්.. ගෝඨාභයට බෙල්ල දෙන්න වුණ හේතුව ගැන කවුරුත් නොහිතපු දෙයක් අනුර කියයි.. වාහන මිලත් අඩු වෙයි ද?. (VIDEO)


තව ද, හෙට දිනයේ දී නිවෙස් කරා යන ආයෝජන කලාප ආදී ආයතනවල සේවය කරන පිරිස් හට අවශ්‍ය පරිදි ආසන වෙන් කරවා ගැනීමේ අවස්ථාව ද මේ වනවිට ඇති බව.

එමෙන්ම, ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ කොළඹ දිස්ත්‍රික්කය ඇතුළු සෑම දිස්ත්‍රික්කයකට ම බස් රථ 750ක් පමණ මැතිවරණ කටයුතු සඳහා යොදවා තිබෙන බවත් හෙට සිට යොදවා ඇති බස් රථ තුළින් ද ඡන්ද පෙට්ටි ප්‍රවාහනය සිදු කිරීමට රජයේ උපදෙස් මත ක්‍රියා කරන බවත් ය.

ආන්දෝලනාත්මක, ශිෂ්‍යත්ව විභාගයේ පේපරේ අවලංගු වෙයි ද?. විභාග කොමසාරිස්වරයාගෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න..

ආන්දෝලනාත්මක, ශිෂ්‍යත්ව විභාගයේ පේපරේ අවලංගු වෙයි ද?. විභාග කොමසාරිස්වරයාගෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න..


කෙසේ වෙතත්, වැඩිදුරටත් අදහස් දක්වමින් ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය වැඩිදුරටත් ප්‍රකාශ කළේ යළිත් බස් රථ ධාවනය යථා තත්ත්වයට පත්වීමට අවම වශයෙන් දෙදිනක් පමණ ගත වේ බවයි.