පෞද්ගලික බස් රථ සේවකයින්ගෙන් දැඩි තීන්දුවක් - මේ මාර්ගයේ බස් රථ වර්ජනයක
පෞද්ගලික බස් රථයකට මොරගහහේන - පිළියන්දල පෞද්ගලික බස් රථයක සේවකයෙකු විසින් කළ පරදීමක් මුල් කර ගනිමින් හොරණ - කොළඹ 120 බස් මාර්ගයේ පෞද්ගලික සාමාන්‍ය සේවා බස් රථ ධාවනයෙන් ඉවත්ව ඇත.
හොරණ - කොළඹ මාර්ගයේ ගමන් කරන පෞද්ගලික බස් රථයකට මොරගහහේන - පිළියන්දල පෞද්ගලික බස් රථයක සේවකයෙකු විසින් ඊයේ (09)පෙරවරුවේ පහර දී ඇති අතර මේ දක්වා එම සේවකයා අත්අඩංගුවට නොගැනීම හේතුවෙන් මෙම වර්ජනය ආරම්භ කර තිබේ.
අද (10) උදෑසන 10.20ට පමණ ඒ අනුව බස් සියල්ල ධාවනයෙන් ඉවත්ව ඇත පහරදුන් සේවකයා අත්අඩංගුවට ගන්නාතුරු බස් රථ ධාවනය නොකරන බව පෞද්ගලික බස් රථ සේවකයින් සදහන් කරයි .
මෙලෙස පහර කෑ බස් රථ රියදුරු මේ වන විට හොරණ දිස්ත්‍රික් රෝහලේ ප්‍රතිකාර ලබයි.
තවද පහරදීම සම්බන්ධයෙන් මොරගහහේන පොලීසිය මඟින් පරීක්ෂණ සිදුකරනු ලබයි.
බස් වර්ජනය ආරම්භ කිරීමත් සමඟ පොලිස් ස්ථානාධිපතිවරයා එම ස්ථානයට පැමිණ අදාළ සැකකරු ඉක්මනින් අත්අඩංගුවට ගන්නා බවත් එතෙක් බස් ධාවනය කරන ලෙසත් ඉල්ලා සිට ඇත සැකකරුවන් අත්අඩංගුවට ගන්නා තුරු බස් ධාවනයෙන් ඉවත් වන බව ඔවුන් සදහන් කරයි
මෙම වර්ජනය හේතුවෙන් මගීන්ගේ අපහසුතාවය වැළැක්වීම සඳහා පෞද්ගලික බස් රථ වෙනුවට ලංගම බස් රථ යොදවා ඇත වර්ජනයට සහයෝගය දැක්වීමක් වශයෙන් 120 හොරණ - කොළඹ මාර්ගයේ පෞද්ගලික සුඛෝපභෝගී බස් රථ ද දහවල් 11.10ට පමණ වනවිට බස් ධාවනයෙන් ඉවත් වීමට කටයුතු කර ඇත