ඉන්ධන මිල අඩුවීමත් සමග බස් ගාස්තු වල සිදුවෙන වෙනස..

Report

බස් වෘත්තිය සංගම් පවසන්නේ, ඉන්ධන මිල අඩු කළද මෙවර බස් ගාස්තුවේ කිසිදු වෙනසක් සිදු නොවන බවයි.

මෙවර මිල අඩුවීම හේතුවෙන් බස් ගාස්තු සංශෝධනයක් කළ නොහැකි බවයි, ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසන්නේ.

"වසර ගණනාවක් පුරාම මිල සූත්‍රයක් යටතේ තමයි ක්‍රියාත්මක වෙන්නේ. මිල සූත්‍රය අනුව සියයට 4ක ප්‍රතිශතයකට ඇවිල්ලා නෑ මේ රුපියල් 10 වෙනස් වීම. ඒ නිසා මේ අවස්ථාවේදී මෙවර බස් ගාස්තු සංශෝධනයට ලක් වෙන්නේ නෑ."

එනම් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල පහළ දැමුණා. එනම් සිපෙට්කෝ ඉන්ධන මිල පහල දැමීමක් සමග, අයි.ඕ.සී සහ සිනොපෙක් සමාගම්ද එම මිල ගණන් වලටම ඉන්ධන මිල පහල දැමුවා.

ඒ අනුව වෙනස් වූ මිල ගණන් පහතින්..

Gallery