අද මධ්‍යම රාත්‍රියේ මිල ගණන් අඩු කිරීම ගැන සුබ ආරංචි 02ක්..එක ගලෙන් කුරුල්ලො දෙන්නෙකුට විදියි.

Fuel Price In Sri Lanka Fuel Price In World Srilanka Bus
By Aruna Jun 30, 2024 06:36 AM GMT
Aruna

Aruna

Report

අද (30) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩු කරන බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය අවධාරණය කර සිටිනවා.

මේ සම්බන්ධයෙන් අන්ජන ප්‍රියංජිත් මහතාගෙන් ගගන ප්‍රවෘත්ති අංශයේ අප විමසීමක් කළා

එහිදී ඔහු වැඩිදුරටත් පැවසුවේ, බස් ගාස්තුව සියයට 5.27කින් අඩු කරන බවයි.

ඒ අනුව, රුපියල් 30ක්ව පැවැති අවම බස් ගාස්තුව රුපියල් 28ක් වනු ඇති බවයි පැවසෙන්නේ.

මේ අතර අද මධ්‍යම රාත්‍රියේ සිට ඩීසල් මිල අඩු වීමක් සිදු වුව ද එය මෙම ගාස්තු සංශෝධනයට බලපෑමක් සිදු නොකර බවයි, ප්‍රියන්ජිත් මහතා ප්‍රකාශ වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ඔහු අවධාරණය කළේ, ඒ සඳහා ආණ්ඩුව එකඟත්වය පළ කර ඇති බවයි.

බස් ගාස්තු සංශෝධනයේ උපරිම වාසිය ලබා ගැනීමට නම් ජනතාව විසින් මාරු කාසි රැගෙන ඒම අනිවාර්යය වීම ද විශේෂත්වයක්.

මේ අතර, ජාතික ගමනාගමන කොමිෂන් සභාව නිසි නිර්දේශයන් අනුගමනය නොකිරීම හේතුවෙන් හෙට (01) දිනයේ බස් ගාස්තු 5% කින් අඩු නොකරන බව, ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා.

කෙසේවෙතත් ගගන ප්‍රවෘත්ති අංශය විසින් ගැමුණු විජේරත්න මහතාගෙන් මේ සම්බන්ධයෙන් විමසීමක් කළා.

එහිදී ඔහු කියා සිටියේ, ජාතික ගමනාගමන කොමිෂන් සභාව නිසි නිර්දේශයන් අනුගමනය නොකිරීම හේතුවෙන් හෙට මෙම සංශෝධනය සිදු නොකරන බවයි.

නමුත් බස්ගාස්තු අඩු කිරීමට කිසිදු විරෝධයක් නොමැති බවයි විජේරත්න මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

මේ අතර, ඉන්ධන මිල අද මධ්‍යම රාත්‍රියේ පහල දැමීම සඳහා සූදානමක් පවතින බව ද වාර්තා වනවා. මේ අනුව, මාසික මිල සංශෝධනය අද(30) දින රාත්‍රියේ සිදු කිරීමට යෙදී තිබීම මෙලෙස ඉන්ධන මිල ගණන් වෙනස්වීමට හේතුවක් වේ.

එහිදී ඉන්ධන මිල අද(30) දිනයේ සංශෝධනය කිරීම සම්බන්ධව පියවර ගැනීමට නියමිතව ඇත.

කෙසේ වෙතත් විශාල මිලකින් මෙවර ඉන්ධන මිල සංශෝධනයක් සිදු නොකරනු ඇති බවයි වාර්තා වන්නේ.

ඒ ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල සැලකිය යුතු වෙනසක් ගත වූ මාසයක කාලය ඇතුළත සිදු නොවීම හා විනිමය අනුපාතද සැලකිය යුතු වෙනසක් සිදු නොවීම හේතුවෙන් බවයි පැවසෙන්නේ.

කෙසේනමුත් ඉන්ධන මිල මෙරට ඉහළ ගිය ආකාරයට පාරිභෝගික ජනතාවට දැනෙන ගණනකින් පහත දැමීමට රජයයට තවමත් හැකියාව පවතී.

මේ අතර,අවසන් වරට සිදු කළ ඉන්ධන මිල සංශෝධනයට අනුව, ඉන්ධන වර්ග තුනක මිල ගණන් අඩු කළ අතර, දෙකක මිල ගණන් නොවෙනස්ව පැවතියා.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 13කින් පහළ දැමූ අතර එහි නව මිල රුපියල් 355ක් ලෙස සටහන් විය.

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල නොවෙනස්ව පැවති අතර, එහි මිල රුපියල් 420ක්. සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 16කින් පහත දැමූ අතර, එහි නව මිල රුපියල් 317කි.

එමෙන්ම ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල නොවෙනස්ව පැවති අතර එහි මිල රුපියල් 377කි. භූමිතෙල් මිල රුපියල් 13කින් පහළ දැමූ අතර එහි නව මිල රුපියල් 202ක් ලෙස සටහන් විය.

මේ අතර, සයිනෝපෙක් සමාගම මඟින් අලෙවිකරන ඔටෝ ඩීසල් ලීටරයක මිල සිපෙට්කෝ සහ ලංකා අයි.ඕ.සී මිලට වඩා රුපියල් 3 ක් අඩුවෙන් අලෙවිකරන අතර සෙසු ඉන්ධන මිල ගණන් සිපෙට්කෝ සහ අයි.ඕ.සී මිලට සමාන වේ.