බෞද්ධ පන්සල් කොල්ල කෑ සුදු ජාතිකයා - (VIDEO)

Australia
By Sithumi Jun 08, 2023 01:57 PM GMT
Sithumi

Sithumi

Report

ආරක්ෂක අංශ විසින් ඔස්ට්‍රේලියාවේ පිහිටි ශ්‍රී ලංකා බෞද්ධ විහාරස්ථානවල මුදල් සොරකම් කළ සැකකරුවෙකු එරට අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 44 හැවිරිදි වියේ පසුවන ඔස්ට්‍රේලියානු ජාතිකයෙකි. අත්අඩංගුවට ගෙන ඇති සැකකරුට පොලීසිය විසින් ඇප නියම කිරීම ප්‍රතික්ෂේප කර ඇති අතර ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

සැකකරු විසින් එහිදී ඇඩිලේඩ් විහාරස්ථානයකින් සොරකම් කර ඇති මුදල ඔස්ට්‍රේලියානු ඩොලර් 3000කි. ඒ අනුව චෝදනා 18කට අදාළව සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව එරට මාධ්‍ය වාර්තා කර ඇත.   


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now