සැත්කමෙන් මියගිය හර්ෂණිගේ මරණයට හේතුව මොකක්ද..? විමර්ශනයෙන් පසු රෝහලෙන් විශේෂ නිවේදනයක්..
පසුගිය දා සැත්කමකින් අනතුරුව මියගිය බුද්ධිකා හර්ෂණී ධර්මවික්‍රම මහත්මියගේ මරණය සම්බන්ධයෙන් හේමාස් රෝහල නිවේදනයක් නිකුත් කර තිබෙනවා එමගින් ඔවුන් සඳහන් කර ඇත්තේ ඒ සම්බන්ධයන් සිදු කළ විමර්ශනයේදී රෝහලේ වරදකින් එම මරණය සිදුව නොමැති බව තහවුරුව ඇති බවයි.
මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ආරම්භ කර ඇති විමර්ශනයේ ප්‍රථිපල ලැබෙන තුරු උතුරු කොළඹ රෝහලට අනියුක්තව සිටින අදාළ වෛද්‍යවරයාගේ සේවය ලබා නොගැනිමට ද හේමාස් රෝහල තීරණය කර තිබෙනවා.
බුද්ධිකා හර්ෂණී ධර්මවික්‍රම මහත්මියගේ මරණය හේතුවෙන් සිත් තැවුලට පත්ව සිටින ඇගේ පවුලේ සාමාජික සාමාජිකාවන්ට හේමාස් රෝහලේ කළමනාකාරීත්වයේ සහ කාර්ය මණ්ඩලයේ ශෝකයද මෙම නිවේදනයෙන් පල කර ඇති අතර සම්පූර්ණ නිවේදනය පහතින් කියවිය හැකියි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |
