අස්ගිරි - මල්වතු අනු නාහිමිවරුන්ගෙන් නත්තලට ඉල්ලීමක්

Report

මල්වතු - අස්ගිරි අනුනායක හිමිවරුන් අවධාරණය කර ඇත්තේ අද (25) දින උදාවූ නත්තල වෙනදාට වඩා වෙනස් ලෙස ආපදාවෙන් විපතට පත්වූවන්ට උපකාරයක් කරමින් සැමරිය යුතු බවයි.

මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ ශ්‍රී විමලධම්ම නාහිමියෝ වැඩිදුරටත් පවසා සිටියේ අද දිනයේ සාද පවත්වමින් සතුටු වෙනවා සේම ආපදා ව්‍යසනයට මුහුණදුන් පිරිස වෙනුවෙන් උදව් උපකාර කරමින් අර්ථවත්ව නත්තල සැමරිය යුතු බවයි.

එමෙන්ම අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නාරම්පනාවේ ශ්‍රී ආනන්ද හිමියෝ පවසා සිටියේ එළැඹෙන උත්සව සමය තුළ වෙනත් කාලවල මෙන් නොවී රටක් ලෙස මනුෂ්‍යයත්වයේ නාමයෙන් සියලුදෙනා එකාවන්ව ආපදාවට පත්වූ පිරිසට උපකාර කිරීමට ඉදිරිපත් විය යුතු බවයි.

අසිරිමත් නත්තල අද

අසිරිමත් නත්තල අද

"අසිරිමත් නත්තල සාමය, සතුට පිරුණු සහ දයාව පෙරදැරිව මනුසත් බව පැහැබර කරන්නා වූ සුබ නත්තලක් වේවා'' ජනපතිගේ නත්තල් සුබ පැතුම

"අසිරිමත් නත්තල සාමය, සතුට පිරුණු සහ දයාව පෙරදැරිව මනුසත් බව පැහැබර කරන්නා වූ සුබ නත්තලක් වේවා'' ජනපතිගේ නත්තල් සුබ පැතුම