සතුන්ගෙන් වහාම ඈත් වන්න..! මෙරට එක් දිස්ත්‍රික්කයකින් රෝගීන් දස දෙනෙක්..රෝග ලක්ෂණ මෙන්න..

Kurunegala Ministry of Health Sri Lanka Latest Headlines Public Health Inspector
By Sewvandhi Sep 17, 2024 01:39 PM GMT
Sewvandhi

Sewvandhi

Report

සෞඛ්‍ය අංශ පවසන්නේ, රිදියගම, ගොවිපොළේ සතුන්ගෙන් බෘසෙල්ලෝසිස් (Brucellosis) නමැති රෝගය වැලඳුණු පුද්ගලයන් කිහිපදෙනකු හඳුනාගෙන ඇති බවයි.

මෙම රෝගය වැලඳුණු පුද්ගලයන් 10 දෙනකු ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර ඇති බවද වාර්තා වනවා. ගවයන්, එළුවන්, ඌරන් වැනි සතුන්ගෙන් එම රෝගය මිනිසුන්ට බෝවන බවයි පැවසෙන්නේ.

මේ අතර සෞඛ්‍ය අංශ අනතුරු අඟවන්නේ, සතුන් සමග සමීපව කටයුතු කරන පුද්ගලයන්ට රෝගය වැලඳීමේ වැඩි අවධානමක් තිබෙන බවටයි.

සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ, ඒ අනූව ඕනෑම වයසක කෙනෙකුට මෙම රෝගය වැලඳිය හැකි බවත් ආරක්ෂාකාරී පියවර අනුගමනය කිරීමෙන් රෝගය පැතිරීම වළක්වාගත හැකි බවත්ය.

මෙහි රෝගයේ ලක්ෂණ ලෙස උණ, හිසරදය, ඇඟපත වේදනාව, වසාගැටිති ඉදිමීම, වමනය, පාචනය ආදී රෝග ලක්ෂණ පවතින බව සඳහන්.

එවැනි ලක්ෂණ ඇතොත් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වන ලෙසයි සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. රෝගය වළක්වාගැනීම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී අති සනීපාරක්ෂක ක්‍රමවේද භාවිත කළ යුතු අතර සත්ත්ව අපද්‍රව්‍ය නිසි පරිදි බැහැර කළයුතු වනවා.