නම ගිය පාතාල ලොක්කෙක් ගුවනින් එනවලු... වැඩි විස්තර මෙන්න

Report

මෙරට ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වූ ක්ලබ් වසන්ත ඝාතනයේ ප්‍රධාන සැකකරු වන සුජීව රුවන් කුමාර නම් පුද්ගලයාව මේ වන විට විදේශ රටක සිටියදී අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලිසිය සමත්ව තිබෙනවා.

ශ්‍රී ලංකා පොලිසියේ ජාත්‍යන්තර ඒකකය විසින් මෙම සැකකකරු අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට භාර දෙන ලෙස ඉල්ලීමක් කර තිබුණා.

රජයට විරුද්ධ කට්ටිය පාතාලය හරහා ඝාතනය කරවනවා....වැඩේ පත්තු වෙයි...

රජයට විරුද්ධ කට්ටිය පාතාලය හරහා ඝාතනය කරවනවා....වැඩේ පත්තු වෙයි...

ඒ අනුව ක්‍රියාත්මක වූ ජාත්‍යන්තර පොලිසිය පසුගියදා සුජීව රුවන් කුමාර නමැති පුද්ගලයාව අත්අඩංගුවට ගෙන  ඒ පිළිබඳව මෙරට පොලිසියට දැනුම් දී තිබුණා. කෙසේ වෙතත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනයේ ප්‍රධාන සැකකරු වන සුජීව රුවන් කුමාර බෙලරුස් රාජ්‍යයේ සිට හෙට (4) දිවයිනට රැගෙන ඒමට නියමිත බව විශ්වාස ආරංචි මාර්ග සඳහන් කළා.

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය සුජීව රුවන්ගේ මෙහෙය වීම මත සිදු වූ බවටයි දැනට තොරතුරු ලැබී තිබෙනවා. සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන සුජීව රුවන් කුමාර පසුගිය වසරේදී බෙලරුස් ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගනු ලැබුවේ විවිධ පරිශ්‍රමයන් මතයි.

හරිනිගෙන් පොරොන්දුවක්... අලුත් බලාපොරොත්තුව මෙන්න

හරිනිගෙන් පොරොන්දුවක්... අලුත් බලාපොරොත්තුව මෙන්න

කෙසේ වෙතත් ඔහු මීට පෙර නිදහස් කළ බව වාර්තා වුවත් ,එය අසත්‍ය බවයි පොලිසිය ප්‍රකාශ කර සිටියේ. අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් පසුගියදා බෙලරුස් රාජ්‍යයට පිටත්ව ගිය අතර ඔවුන්ගේ මූලිඛ ත්වයෙන් සැකකරු දිවයිනට රැගෙන ඒම සිදු වන බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියා.