බිහිසුණු අනතුරක් - දෙල්තොට පාලම කඩා වැටෙයි - මහජනතාවට පොලිසියෙන් උපදෙස්
අද දින ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් දෙල්තොට ප්රදේශයේ පාලමක් කඩා වැටී ගලහ - දෙල්තොට මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම ඇනහිට තිබේ.
පොලිසිය දැනුම් දී ඇත්තේ මේ හේතුවෙන් මෙම මාර්ගය භාවිත කරන මහජනතාවට විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි.
වැඩිදුරටත් වාර්තා වෙන්නේ පේරාදෙණිය - දෙල්තොට (B364) මාර්ගයේ ගල්ඔය කණුව බෝක්කුවේ සංවර්ධන කටයුතු සිදුවෙමින් පවතින අතරතුර එම පාලමේ දකුණු ඉවුර කොටස මෙලෙස කඩා වැටීමට ලක්ව ඇති බවයි.
මේ පිළිබඳව මාර්ග සංවර්ධන අධිකාරිය ඇතුළු අදාළ අනෙකුත් අංශ දැනුවත් කිරීමට ද පියවර ගෙන ඇති බව පේරාදෙණිය පොලිසිය පවසයි.