අල්ලස් කොමිසමට ඉදිරියේදී වැඩ වැඩිවෙන ලකුණු...
By Hashini
ගෙවී ගිය කාලය තුළ සිදුවූ මහා පරිමාණ වංචා හා දූෂණ සිද්ධි 15ක් සම්බන්ධයෙන් නුදුරේදීම අධි චෝදනා ගොනු කරන බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම කියා සිටිනවා.
එම කොමිසම පෙන්වා දෙන්නේ පසුගිය කාලයේ විමර්ශනය නොකළ පැමිණිලි අතර තිබූ ලිපිගොනු පරීක්ෂා කිරීමෙන් අනතුරුව කළ විමර්ශන පාදක කර ගනිමින් මෙම අධි චෝදනා ගොනු කරන බවත්, එම පැමිණිලි සම්බන්ධයෙන් ඉතා සංකීර්ණ විමර්ශන මෙහෙයවීමට සිදුව ඇති බවයි.
පසුගිය කාලයේ අල්ලස් කොමිසමට ලැබුණු පැමිණිලි අතරින් 300ක විමර්ශන මේ වනවිට ආරම්භ කර තිබෙනවා.
අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිසම වැඩිදුරටත් කියා සිටියේ පැවති ආණ්ඩු සමයේ සිටි මැතිඇමතිවරුන් මෙන්ම දේශපාලන හිතවාදීන් රැසක් එම දූෂණ චෝදනාවන්ට සම්බන්ධ බවයි.