අහස උසට ගිය තෙල් මිල නිසා මැදපෙරදිගම යළි ගිනියම් වෙයි - තෙල් මිල ඩොලර් 107ට ළංවෙයි
සෞදි අරාබියට සහ හෝමූස් සමුද්‍ර සන්ධිය අසල තෙල් ටැංකිවලට එල්ල වූ නව ප්‍රහාර හේතුවෙන් ගෝලීය තෙල් සැපයුම් පිළිබඳ කනස්සල්ල ඉහළ ගිය අතර, රුසියානු ඩීසල් අපනයනය පිළිබඳ අපේක්ෂාවන් ඉක්මවා ගොස් ඇත.
මේ අතර ඊයේ(12) දින උදෑසන බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඩොලර් 107 ක් වූ අතර, එක්සත් ජනපද මිණුම් ලකුණ වන බටහිර ටෙක්සාස් අතරමැදි බැරලයක් ඩොලර් 93.78 ක් වූ බව Oilprice.com වෙබ් අඩවිය වාර්තා කරන බව සඳහන් විය.
එසේ මිල වැඩිව ඇත්තේ මැද පෙරදිග සති අන්තයේ එල්ල වූ ප්‍රහාරවලින් පසුව බව පවසයි.
එමෙන්ම යුක්‍රේනය සහ රුසියාව අතර බලශක්ති ක්ෂේත්‍රයට අදාළ සටන් විරාමයක් ඇති බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සැක මතුවීම ද ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ යාමට බලපා ඇති බව වාර්තා වේ.
තවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ, මෙම තත්ත්වය හමුවේ ගෝලීය බලශක්ති සැපයුම සම්බන්ධයෙන් පවතින අවිනිශ්චිතතාව තවදුරටත් ඉහළ ගොස් තිබෙන බවයි.