පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ගණන් ඉහළට? තිරිඟු පිටි මිල ඉහළ දැමීමත් සමඟ පාන් මිල තීරණාත්මකයි

Report

සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසන්නේ තිරිඟු පිටි මිල ඉහළ දැමීමට සමාගම් ගෙන ඇති තීරණය හමුවේ, පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ගණන් සංශෝධනය කරන්නේ ද නැද්ද යන්න පිළිබඳ අවසන් තීරණය අද (31) ප්‍රකාශයට පත්කරන බවයි.

එම සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා සඳහන් කළේ, පසුගිය 29 දින සිට ක්‍රියාත්මක වන පරිදි තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 17කින් ඉහළ දැමීමට ප්‍රීමා සහ සෙරන්ඩිබ් යන සමාගම් පියවර ගෙන ඇති බවයි.

පෙට්‍රල් මිල පහළට - මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකයි - ඛණිජතෙල් නීතිගත සංස්ථාවෙන් විශේෂ නිවේදනයක්

පෙට්‍රල් මිල පහළට - මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකයි - ඛණිජතෙල් නීතිගත සංස්ථාවෙන් විශේෂ නිවේදනයක්

පවතින නිෂ්පාදන පිරිවැය සහ පිටි මිල ඉහළ යාම හමුවේ බේකරි නිෂ්පාදකයින් මුහුණ දී ඇති තත්ත්වය පිළිබඳව සංගමයේ විධායක සභාව රැස්වී දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට නියමිත අතර, පාරිභෝගිකයාට මෙන්ම බේකරි නිෂ්පාදකයින්ට ද සාධාරණ වන අන්දමින් සුදුසු තීරණයක් අද 31 වනදා දැනුම් දෙන බව ඔහු වැඩිදුරටත් පැවසීය.  

කිරිපිටි රු. 260කින් මිල ඉහළට? BREAKING NEWS නමින් යන පුවත ගැන පාරිභෝගික කටයුතු අධිකාරියෙන් විශේෂ නිවේදනයක්

කිරිපිටි රු. 260කින් මිල ඉහළට? BREAKING NEWS නමින් යන පුවත ගැන පාරිභෝගික කටයුතු අධිකාරියෙන් විශේෂ නිවේදනයක්