බොක්සිං වළල්ලේ බිග් ජෝර්ජ් දිවියෙන් සමුගනී
ලෝක බොක්සිං වළල්ලේ දැවැන්තයෙකු මෙන්ම මොහොමඩ් අලිගේ සමකාලීනයෙකු වූ අමෙරිකානු හෙවිවේට් ක්‍රීඩක ජෝර්ජ් ෆෝමන් ඊයේ (21) අභාවප්‍රාප්ත වූ බව ඔහුගේ පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ඔලිම්පික් රන් පදක්කම්ලාභියෙකු වූ ෆෝමන් මිය යන විට 76 වන වියේ පසුවිය. ‘බිග් ජෝර්ජ්’ ලෙස බොක්සිං වළල්ලේ හඳුන්වන ලද ඔහු අඩි 6යි අඟල් 3ක් උසැති දේහධාරී ක්‍රීඩකයෙකි.
1968 ඔලිම්පික් උළෙලේදී ඔහු රන් පදක්කමක් දිනා ගැනීමට සමත් වූ අතර, ලෝක හෙවිවේට් ශූරතාව දෙවරක් දිනූ ඔහු වයස්ගතම හෙවිවේට් ලෝක ශූරයා ලෙසද වාර්තා අතරට එක්විය.
පළමු ශූරතාව දිනූ වසර 21කට පසු, එනම් වයස 45දී, ඔහු දෙවන ශූරතාවය දිනා ගත්තේය. මොහොමඩ් අලිගේ සමකාලීනයෙකු වූ ෆෝමන්, 1974දී පැවති ‘Rumble in the Jungle’ නම් ජනප්‍රිය තරගයේදී තියුණු සටනකින් පසු පරාජයට පත්විය.
ෆෝමන්ගේ වෘත්තීය බොක්සිං ජීවිතයේදී ඔහු තරග 81කට සහභාගි වූ අතර, ඉන් 76ක්ම ජයග්‍රහණය කළේය. එහිදී තරග 68ක් ‘Knockout’ ජයග්‍රහණ ලෙස සටහන් වීම විශේෂත්වයකි. බොක්සින් වළල්ලේ බිග් ජෝර්ජ් ලෙස හැඳින්වූ ජෝර්ජ් ෆෝමන් 1997 වසරේදී ක්‍රීඩාවට සමුදී තිබෙනවා.
