ශ්‍රී ලංකාවට අභිමානයක් එක් කළ බොක්සිං ක්‍රීඩක නිරාජ් විජේවර්ධන - ලෝකඩ පදක්කමින් ලක් මව සැරසුවේ මෙහෙමයි.. (VIDEO/PHOTOS)

Boxing Sri Lanka
By krishani Aug 23, 2023 06:04 PM GMT
krishani

krishani

Report

ශ්‍රී ලංකා බොක්සිං ක්‍රීඩක නිරාජ් විජේවර්ධන 13 වැනි තායිපේ සිටි කුසලාන ජාත්‍යන්තර බොක්සිං තරගාවලියේ දී ලෝකඩ පදක්කමක් දිනා ගනු ලැබීය.

ඒ අවසන් පූර්ව තරගයේ දී තායිවානයේ බොක්සිං ක්‍රීඩක හුවාං ගුවාන්-කුන් පරාජය කරමින් ය.

එම තරගාවලීයේ දී නිරාජ් කනගාටුදායක ලෙස ඔහු ලැබූ විශිෂ්ට ජයග්‍රහණයේ දී ඔහුගේ වම් අතට (මැණික් කටුවට සහ පහළින්) ආබාධයට ලක් විය.

එසේ වුව ද, මෙහිදී තරගය ආරම්භ කිරීමට පෙර තමා විසින්ම සකස් කර ගත් ඉලක්ක තුනක් සපුරා ගැනීමට මොහුට හැකි විය.

කෙසේ වෙතත්, ඔහු මෙම සටන තුළ දේශීය හා ජාත්‍යන්තර බොක්සිං ප්‍රජාවන් අතර ඇති කළ උනන්දුව සමඟ තවත් බොහෝ දේ අත්කර ගෙන ඇති බව පෙනෙයි.

බොක්සිං ක්‍රීඩක නිරාජ් විජේවර්ධනට මෙම ඉසව්ව සඳහා තරඟ කිරීමට පූර්ණ අරමුදල් සහ සහාය ලබා දීමට ඉදිරිපත් වීම පිළිබඳව ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව විශේෂයෙන් මෙහිදී සඳහන් කළ යුතුය.

මේ සම්බන්ධයෙන් NOCSL සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතා අදහස් දැක්වුයේ මෙලෙසයි,

"මෙම තරඟාවලියේ දී ලෝකඩ පදක්කමක් දිනා ගැනීම නිරාජ්ගේ විශිෂ්ට ජයග්‍රහණයක්.

ක්‍රීඩාවට සම්බන්ධ ක්‍රීඩකයින්ට සහ නිලධාරීන්ට සහය සහ සේවය සැපයීමට NOCSL සිටින අතර එය සැමවිටම පවතිනු ඇත.

මෙම තරඟාවලියේ දී නිරාජ් පදක්කමක් දිනා ගැනීම, අප සැම එය සැමරීමට හේතුවක් විය යුතුයි."


GalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha