නිලාවේලි බොරළු කන්ද විහාරයේ සංවර්ධන කටයුතු වහාම නතර කරන්නැයි ඉහළින් නියෝගයක්..(PHOTOS)
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ, නගර හා කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් නිලාවේලි 6 කණුව ප්‍රදේශයේ පිහිටි ඓතිහාසික වටිනාකමින් යුතු බෞද්ධ පුරාවිද්‍යාත්මක සාක්ෂි සහිත පුරාවිද්‍යා භූමියෙන් නීත්‍යානුකූලව වෙන්කරන ලද භූමියක පිහිටි නිලාවේලි බොරලුකන්ද රජමහා විහාරස්ථානයේ සංවර්ධන කටයුතු වහාම නවත්වන ලෙස නැගෙනහිර ආණ්ඩුකාර සෙන්දිල් තොන්ඩමන් හා ත්‍රීකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන්ගේ උපදෙස් මත ත්‍රිකුණාමලය නගර හා කඩවත් සතර ප්‍රාදේශීය ලේකම්වරයා නියෝග කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.
ඉකුත් 08 දා ත්‍රීකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන් මහතා විසින් දුරකථනයෙන් නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයාට දන්වා ත්‍රිකුණාමලය නගර හා කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් වරයාට මෙලෙස බලපෑම් කර ඇති බවයි විහාරාධිපති ස්වාමින් වහන්සේ සදහන් කර සිටින්නේ.
නමුත් විහාරාධිපති ස්වාමින් වහන්සේ සදහන් කර සිටියේ, මේ සම්බන්ධයෙන් ලිඛිත දැනුම්දීමක් මෙතෙක් සිදු කර නැති බවයි.
මෙම විහාරස්ථානය බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විහාරස්ථානයක් බවත්,එය පුරාවිද්‍යා රක්ෂිතයෙන් වෙන්කොට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ ප්‍රාදේශීය ලේකම් වරයා විසින් සංවර්ධනය සදහා අවසර ලබාදුන් නීත්‍යානුකූල තත්වයක් සහිත ඉඩමක ඉදි කරන්නක් බවත් විහාරාධිපති හිමියන් වැඩි දුරටත් සදහන් කර සිටියි.
සිංහල බෞද්ධ බහුතර ජනතාවක් වෙසෙන ප්‍රදේශවල හින්දු ආගමික පූජනීය ස්ථාවලට කිසිදු හිරිහැරයක් නොකරමින් දෙමළ හා සිංහල ජනතාව සැබෑ සහජීවනයෙන් කටයුතු කරන පසුබිමක, අනෙකුත් ජාතීන් බහුතරය වාසය කරන මෙවන් ප්‍රදේශවල බෞද්ධ ආගමික ස්ථානවලට මෙලෙස බලපෑම් කිරීම රටේ ආගමික සහජීවනය විනාශකරමින් අනවශ්‍ය ජාතිවාදී අර්බුධයක් රටතුල ඇති කිරීමට උත්සහ දැරීම මහ ජන නියෝජිතයින් සහ රාජ්‍ය නිලධාරීන් වන මොවුන්ගේ ක්‍රියා කලාපයන් අනුමත කළ හැකි ද?
මෙවන් දේශපාලන නායකයන් හා රාජ්‍ය නිලධාරීන්ගේ ක්‍රියාකලාපයන් පිළිබඳව වගකිවයුතු බලධාරීන් විසින් වහාම සොයා බලා ඒ සම්බන්ධයෙන් අවශ්‍ය තීන්දු තීරණ කඩිනමින් ලබා දෙන්නට කටයුතු කරන්න.
එසේ නොවුනහොත් තවත් ජාතිවාදී,ආගම්වාදී ප්‍රශ්නයකට මෙවන් ක්‍රියා කලාපයන් අතවැනීමක් වන්නේ ය.
මෙම විහාරස්ථානයට අදාලව තොරතුරු පහතින් දැක්වේ,
මේ අතර කුච්චවේලි ප්‍රදේශයේ බුද්ධ ප්‍රතිමාවක් තැන්පත් කිරීමට ගොස් ඇතිවූ මතභේදයට අදාලව තොරතුරු පහත වීඩියෝවෙන් නරඹන්න.
ගගන විසින් සිදු කළ විශේෂ හෙළිදරව්වක්,





