පරක්කු වුණ නිසා මේ පාර නැති වෙයි කියලද හිතුවේ..මෙන්න ඔයාට එහෙනම් සතුටු හිතෙන ආරංචියක්..
By Piyumika
2024 වර්ෂයේ පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සැප්තැම්බර් 27 සිට ඔක්තෝබර් 06 දක්වා පැවැත්වීමට ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය කටයුතු සංවිධානය කර තිබෙනවා.
කොළඹ – බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී (BMICH) මෙම පොත් ප්‍රදර්ශනය සුපුරුදු පරිදි පෙ.ව. 9.00 සිට ප.ව. 9.00 දක්වා විවෘත පැවැත්වෙනු ඇති.
මෙවර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සංවිධානය කෙරෙන්නේ 25 වන වරටයි.
එහි අනුග්‍රාහක ගිවිසුම් අත්සන් කිරීම සහ වෙළඳ කුටි බෙදාදීම ද පසුගිය දා සිදු කෙරුණා.
මෙම වසරේ ඇති අධික ඉල්ලුමත්, 25 වන සංවත්සරය යෙදීම නිසාවෙනුත් මෙවර පොත් ප්‍රදර්ශනය වෙන වසරවලට වඩා සාපේක්ෂව උත්කර්ෂවත් අන්දමින් සංවිධානය වන බවයි ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය පැවසුවේ.