බෝනස් එක රුපියල් ලක්ෂයකින් ඉහලට...අවුරුදු වාසියක් ?

By Akash Mar 21, 2025 12:23 PM GMT
Report

වරාය සේවකයන්ට සුබම සුබ ආරංචියක් උණු උණු කැවුම් වගේ මේවන විට ලැබී තිබෙනවා.

ඒ අනුව ඔවුන්ගේ පොකට්ටුවට දැනෙන ලොකු වාසියක් හිමිව ඇති බවයි සඳහන් වන්නේ.

ඒ අනුව වරාය සේවකයන් සදහා වන වාර්ෂික ප්‍රසාද දීමනාව රුපියල් ලක්ෂයකින් ඉහළ දැමීම තීරණ වී තිබෙනවා.

පියුමිත් ඩවුන්...ලොල්ලියත් ඩවුන්... එහෙම කරන්න එපා...වැළපෙයි

පියුමිත් ඩවුන්...ලොල්ලියත් ඩවුන්... එහෙම කරන්න එපා...වැළපෙයි

වරාය සේවකයන් ඇතුළු සහන කිහිපයකට ඇමැති බිමල් රත්නායක හා වරාය වෘත්තීය සමිති එකමුතුව සමඟ පැවැති සාකච්ඡාවේදී මෙම එකඟතාවට එළැඹ ඇති බවයි පැවසෙන්නේ.

ඒ අනුව එම එකඟතා අනුමැතිය සඳහා 26 වැනිදා පැවැත්වෙන අධ්‍යක්ෂ මණ්ඩල රැස් වීමට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. වාර්ෂික බෝනස් මුදල රුපියල් ලක්ෂය දක්වා ඉහළ දැමීමටත්, ඉන් සියයට 60ක් මෙම වර්ෂයේදීත්, සියයට 40ක් 2026 වසරේදී ලබාදීමටත් එකඟතාවට පැමිණ ඇති බව පැවසෙනවා.

රජයේ නියෝජ්‍ය ඇමතිගෙන් තර්ජනයක් ද?

රජයේ නියෝජ්‍ය ඇමතිගෙන් තර්ජනයක් ද?

මෙයට අමතරව වරාය සේවකයන්ගේ වැටුප් වර්ධක වල අගය අගෝස්තු මස සිට සියයට 80කින් ඉහළ දැමීම වසර ආරම්භයේදී ලබාදෙන රුපියල් 3,500 ක දිරි දීමනා මුදල ඉහළ දැමීම ඇතුළු තවත් සහන කිහිපයක් සම්බන්ධයෙන් එකඟතාවන් ඇති කරගෙන තිබෙනවා.