ලෝක ප්‍රසිද්ධ ජනප්‍රිය ගීත රැසකට හඬ දුන් ගායන ශිල්පිනියක් ජීවිතක්ෂයට - රසිකයින් හඬා වැටෙයි

By Kaushi Jul 09, 2026 10:36 AM GMT
Report

Total Eclipse of the Heart,", Holding Out for a Hero, සහ "It's a Heartache" ඇතුළු ජනප්‍රිය ගීත රැසක් ගායනා කළ ප්‍රසිද්ධ ගායිකා බොනී ටයිලර් ජීවිතක්ෂයට පත්ව ඇත. ඇය මිය යන විට වයස අවුරුදු 75 පසු විය.

වේල්ස්හි ඉතා ජනප්‍රිය බලගතු නිල වෙබ් අඩවියක පළ කරන ලද පණිවිඩයක සඳහන් වූයේ, "බොනී ප්‍රතිකාර ලබමින් සිටි අසනීප තත්ත්වය හේතුවෙන් පෘතුගාලයේ රෝහලකදී ඊයේ රාත්‍රියේ අනපේක්ෂිත ලෙස මිය ගිය බව නිවේදනය කිරීමට බොනීගේ පවුලේ අය සහ කණ්ඩායම හද කම්පා කර ඇත."යනුවෙන්.

පැයට කිලෝමීටර 200ක වේගෙන් ආසියා - පැසිෆික් කලාපයට ප්‍රබල සුළි කුණාටුවක් - සූදානමින් සිටින්නැයි රටේ සියලුම දෙනාට උපදෙස්

පැයට කිලෝමීටර 200ක වේගෙන් ආසියා - පැසිෆික් කලාපයට ප්‍රබල සුළි කුණාටුවක් - සූදානමින් සිටින්නැයි රටේ සියලුම දෙනාට උපදෙස්

ඉකුත් මැයි මාසයේදී , ටයිලර් ඇය ජීවත් වූ පෘතුගාලයේ ෆාරෝ අසල රෝහලකදී හදිසි බඩවැල් සැත්කමකට භාජනය කර තිබුණු බව සඳහන්.

කෙසේ වෙතත් පසුගිය මාසයේ ඇගේ ප්‍රකාශිකාව සඳහන් කර තිබුණේ ඇය කෝමා තත්ත්වයෙන් මිදී ඇති නමුත් "ඉතා අසනීප සහ දැඩි සත්කාර ඒකකයේ" පසුවන බවයි.

අද(09) උදෑසන නිකුත් කරන ලද නිල ප්‍රකාශයේ තවදුරටත් සඳහන් වූයේ,"අපි ඉක්මනින්ම තවත් ප්‍රකාශයක් නිකුත් කරන්නෙමු, නමුත් දැනට මෙම ඛේදවාචකයට මුහුණ දීම සඳහා පෞද්ගලිකත්වය ඉල්ලා සිටිමු." යන්නයි.

එසේම ඇගේ අභාවයෙන් පසු වේල්ස් ලේකම් ජෝ ස්ටීවන්ස් ඇයට උපහාර දක්වා තිබේ.

ජලාපවහන මණ්ඩලයෙන් පාර්භෝගිකයන්ට විශේෂ දැනුම්දීමක් - ලබන 13 සිට 19 දක්වා මේ අයට ජල සැපයුම් විසන්ධි කරයි

ජලාපවහන මණ්ඩලයෙන් පාර්භෝගිකයන්ට විශේෂ දැනුම්දීමක් - ලබන 13 සිට 19 දක්වා මේ අයට ජල සැපයුම් විසන්ධි කරයි

බැංකු ගිණුමක් හිමි ශ්‍රී ලාංකිකයන්ට පොලිසියෙන් විශේෂ නිවේදනයක්

බැංකු ගිණුමක් හිමි ශ්‍රී ලාංකිකයන්ට පොලිසියෙන් විශේෂ නිවේදනයක්