බොන්ඩි වෙරළ තීරයේ වෙඩි තැබීමකින් මියගිය ගණන තවත් ඉහළට
සිඩ්නිහි ප්‍රසිද්ධ බොන්ඩි වෙරළ තීරයේ යුදෙව් ප්‍රජාවගේ හනුක්කා උත්සවයක් අතරතුර සිදු වූ වෙඩි තැබීමෙන් මියගිය ගණන 15 දක්වා ඉහළ ගොස් ඇති බව ඔස්ට්‍රේලියානු බලධාරීන් සඳහන් කරති.
මෙම ප්‍රහාරයෙන් වයස අවුරුදු 10ක ගැහැණු ළමයෙකු ඇතුළු පුද්ගලයින් 15 දෙනෙකු මියගොස් ඇති අතර, තුවාලකරුවන් 40කට අධික පිරිසක් රෝහල්ගත කර ඇත. තුවාලකරුවන් අතර පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ද වෙති.
පියා සහ පුතා යැයි හඳුනාගෙන ඇති වෙඩික්කරුවන් දෙදෙනෙකු විසින් දිගු තුවක්කු භාවිතා කරමින් පාලමක් මත සිට උත්සවයට සහභාගී වූ පිරිස ඉලක්ක කර වෙඩි තැබීම සිදු කර ඇත. පොලිස් වෙඩි පහරින් පියා මියගොස් ඇති අතර, පුතා බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇත.
උත්සවයට පුද්ගලයින් 1,000කට ආසන්න පිරිසක් සහභාගී වී සිටි බව වාර්තා වේ. මෙය යුදෙව් ප්‍රජාව ඉලක්ක කළ ත්‍රස්ත ප්‍රහාරයක් බව ඔස්ට්‍රේලියානු බලධාරීන් ප්‍රකාශ කරති.
ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් මෙය "යුදෙව් ඕස්ට්‍රේලියානුවන්ට එරෙහි ඉලක්කගත ප්‍රහාරයක්" ලෙස හෙළා දකිමින් "හනුක්කාහි පළමු දිනයේ සිදු වූ මෙම අපරාධය ජාතියේ හදවතට එල්ල කළ ත්‍රස්තවාදී ක්‍රියාවක්" බව පැවසීය.
මෙම සිදුවීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මට්ටමින් ද දැඩි හෙළා දැකීම් එල්ල වෙමින් තිබේ