බදුල්ල කැළඹෙයි - තවත් බෝම්බ බියක්

Report

බදුල්ල දිස්ත්‍රික් කම්කරු කාර්යාලයට අද (14) දින උදෑසන ලද විද්‍යුත් තැපැල් පණිවුඩයක් මඟින් කාර්යාල පරිශ්‍රයේ බෝම්බයක් ඇති බවට සඳහන් වීමත් සමඟ එහි කාර්ය මණ්ඩලය ඉවත් කරන ලෙසට බලධාරීන් දැනුම්දී ඇත.

මේ සම්බන්ධයෙන් බදුල්ල දිස්ත්‍රික් සහකාර කම්කරු කොමසාරිස් සුජාතා කුමාරි මහත්මියගෙන් කළ වීමසිමේදී ඇය කියා සිටියේ අද උදෑසන පෙරවරු 9.24ට පමණ බෝම්බයක් කාර්යාල සංකිර්ණය තුළ ඇති බැවින් එහි කාර්ය මණ්ඩලය ඉවත් කිරීමට කටයුතු කරන ලෙස දන්වා කාර්යාලයේ විද්‍යුත් තැපෑලට පණිවුඩයක් ලැබී තිබූ බවයි.

එබැවින් මේ පිළිබඳව බදුල්ල මූලස්ථාන පොලිස් ස්ථානය හා කම්කරු දෙපාර්තමේන්තුවේ කොළඹ දෙපාර්තමේන්තුව දැනුවත් කිරීමට කටයුතු කළ බව ඇය පැවසුවා.

එළැඹෙන සති අන්තයේ සහ සඳුදා දින රට තුළ ඉන්ධන හිඟයක් - දිවයිනටම අනතුරු ඇඟවීමක්

එළැඹෙන සති අන්තයේ සහ සඳුදා දින රට තුළ ඉන්ධන හිඟයක් - දිවයිනටම අනතුරු ඇඟවීමක්

හෙට සිට රටට වෙන දේ ගැන නිවේදනයක්

හෙට සිට රටට වෙන දේ ගැන නිවේදනයක්

වසර දෙකකට පසු නරකම ආරංචියක් - මහ බැංකුවෙන් නිවේදනයක්

වසර දෙකකට පසු නරකම ආරංචියක් - මහ බැංකුවෙන් නිවේදනයක්