ධාවනය වෙන බස් රථයකත් බෝම්බයක් කියලා තොරතුරක් - ජනතාව කැළඹෙයි

Report

කොළඹ සිට මොරටුව දක්වා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක බෝම්බයක් ඇති බවට ලැබුණු නිර්නාමික දුරකථන ඇමතුමකට අනුව එම බසය නවතා පරීක්ෂා කළ ද සැකකටයුතු කිසිවක් හමු නොවූ බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය වාර්තා කරයි.

ඒ අනුව කොළඹ සිට මොරටුව දක්වා ධාවනය වූ බස් රථයක බෝම්බයක් ඇති බවට අද(05) දින 119 හදිසි ඇමතුම් අංකය ඔස්සේ පොලීසියට තොරතුරක් ලැබී තිබෙන බව සඳහන්.

එබැවින් වහාම ක්‍රියාත්මක වූ ගල්කිස්ස කොට්ඨාස රථ වාහන අංශයේ නිළධාරීන් කණ්ඩායමක් කටුබැද්ද මාර්ග බාධකය අසලදී එම බස් රථය නවතා පූර්ණ පරීක්ෂාවකට ලක් කර ඇත.

මා ඔය මායිමේ බෝම්බයක්

මා ඔය මායිමේ බෝම්බයක්

එසේ වුවත් එහි තිබී සැකකටයුතු කිසිවක් සොයා ගැනීමට නොහැකි වූ බව පොලීසිය ප්‍රකාශ කරයි.

කෙසේ වෙතත් මෙය බිය ගැන්වීම සඳහා සිදුකළ ක්‍රියාවක්ද නැතහොත් අපරාධයක සැලසුමක්ද යන්න පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් දුරකතන ඇමතුම ලබාදුන් පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සදහා පරීක්ෂණ පවත්වන බවත් සඳහන්.

නරක ආරංචියක් - බරපතළ රෝගයක් නිසා ගෙවුණු දවස් පහට විතරක් රෝගීන් 793ක්

නරක ආරංචියක් - බරපතළ රෝගයක් නිසා ගෙවුණු දවස් පහට විතරක් රෝගීන් 793ක්

බෙංගාල බොක්කේ කැළඹීම වැඩි වෙයි - ජනවාරි 08 සිට අනතුරු ඇඟවීම්

බෙංගාල බොක්කේ කැළඹීම වැඩි වෙයි - ජනවාරි 08 සිට අනතුරු ඇඟවීම්