ප්‍රධාන නගරයක බස් රථ 03ක බෝම්බ පිපිරීමක්..ජීවිත හානි ගැන තවම අනාවරණයක් නැහැ.

By Aruna Feb 21, 2025 04:46 AM GMT
Report

ඊශ්‍රායලයේ ටෙල් අවීව් නුවරට දකුණු දෙසින් බාට් යාම් නගරයේ බස් රථ තුනක් පුපුරා ගිය පුවතක් වාර්තා වනවා.

කෙසේ නමුත්, එම පිපිරීම්වලට හසුවී සිදුවුණු ජීවිත හානි ගැන හෝ තුවාල ලැබූවන් ගැන කිසිවක් වාර්තා නොවේ.

ඊශ්‍රායල ආරක්ෂක අංශ පවසන්නේ, එම පිපිරීම් ඉස්ලාමීය ත්‍රස්තවාදීන් කළ ත්‍රස්ත ප්‍රහාරයක් බවයි.

OnmaxDT ජාවාරමට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඩුබායි සිට ලංකාවට රැගෙන එයි.

OnmaxDT ජාවාරමට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඩුබායි සිට ලංකාවට රැගෙන එයි.


පිපිරීම්වලින් පසු තවත් බස් රථ දෙකක අටවා තිබුණු පුපුරන ද්‍රව්‍ය පුපුරා යෑමට කලින් සොයා නිෂ්ක්‍රීය කිරීමට පොලිසිය සමත් වීමද විශේෂත්වයක්.

නගරයේ සියලු පොදු ප්‍රවාහන සේවා නතර කර, පුපුරන ද්‍රව්‍ය ඇතිදැයි සෝදිසි කිරීමට ප්‍රවාහන අමාත්‍ය මීරි රෙගේව් උපදෙස් දුන් බවයි එරට මාධ්‍ය වාර්තා පවසන්නේ.

You May Like This Video