ප්‍රධාන ගුවන් තොටුපලක දැවැන්ත පිපිරීමක් ..37ක් මිය යයි..151ක් තුවාල ලබයි..
ලෙබනනයේ බේරූට් අගනුවර, ‘රෆික් හරීරි’ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අසල හිස්බුල්ලා ඉලක්කවලට ඊශ්‍රායල ගුවන් හමුදාව එල්ල කළ ප්‍රහාරවලින් 37 දෙනකු මියගිය බවත්, 151 දෙනකු තුවාල ලැබූ බවත් ලෙබනන් සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වනවා.
‘රෆික් හරීරි’ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ආසන්නයෙන් ප්‍රබල පිපිරීම් රැසක් අසන්න ලැබුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
ඊශ්‍රායලයට මායිම් වන දකුණු ලෙබනනය මෙන්ම, බේරූට් අගනුවර ඩහීහ් පළාත ද ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ගේ බල ප්‍රදේශ ලෙස සැලකෙන අතර, ඩහීහ් පළාත ඇත්තේ ‘රෆික් හරීරි’ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අසලයි.
ගුවන් ප්‍රහාරය එල්ල කිරීමට පැය ගණනකට පෙර, ඊශ්‍රායලය, ‘රෆික් හරීරි’ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ආසන්නයේ ජීවත් වන ලෙබනන් සිවිල් වැසියන්ට අනතුරු ඇඟවීමක් කළේ එම ප්‍රදේශයෙන් වහාම ඉවත් වන ලෙසයි.
