බිහිසුණු අනතුරක් - ගුවන් යානයක් කඩා වැටේ - 15ක් මරුට 30ක් රෝහලේ
By Ashfa
බොලිවියානු ගුවන් හමුදාවට අයත් C-130H හර්කියුලිස් (C-130H Hercules) වර්ගයේ ප්‍රවාහන ගුවන් යානයක් ලා පාස් (La Paz) නුවර එල් ඇල්ටෝ ජාත්‍යන්තර ගුවන් තොටුපළට (El Alto Inteational Airport) පිටතින් පිහිටි ප්‍රධාන මාවතකට කඩා වැටී ඇත.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මේ හේතුවෙන් පුද්ගලයන් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී 30කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි.
එල් ඇල්ටෝ ප්‍රදේශයේ පැවති අයහපත් කාලගුණික තත්ත්වය මධ්‍යයේ ගුවන් යානය ගොඩබැස්සවීමේදී ධාවන පථයෙන් ලිස්සා ගොස් අසල පිහිටි මාවතකට කඩා වැටීමෙනුයි මෙම අනතුර සිදුවී ඇති බව තොරතුරු වාර්තා වේ.
