හිටපු බන්ධනාගාර නිලධාරියෙකු මිලේච්ඡ විදිහට ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට
බොල්ගොඩ පාලම ආසන්නයේ හිටපු බන්ධනාගාර නිලධාරියෙකුට වෙඩිප්‍රහාර 21ක් එල්ල කර ඝාතනය කිරිමේ සිදු වීමට සම්බන්ධ තවත් සැකකරුවෙකු කළුතර අපරාධ කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.
ඒ අනුව අදාළ සැකකරු වට්ස් ඇප් තාක්ෂණය හරහා මෙම ඝාතනය මෙහෙයවීමට සම්බන්ධ වී ඇති බව පරීක්ෂණවලින් අනාවරණය වී තිබෙනවා.
එසේම ඔහු ළඟ තිබී තියුණු කඩු 5ක් පොලිස් භාරයට ගෙන ඇත. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර හිරණ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු බවක් සඳහන්.

මගේ ළඟ තියෙන්නේ රුපියල් 1000 ක් විතරයි ඒක අරගෙන ඒ නඩුවට පෙනී ඉන්න කියලා..ඒ මනුස්සයා මගේ අත් දෙක අල්ලලා වැන්දා
එමෙන්ම පොලීසිය ප්‍රකාශ කළේ වෙඩි ප්‍රහාරය එල්ල වූ විට ප්‍රදේශයේ ආරක්ෂක කැමරා පරීක්ෂා කර ලැබුණු තොරතුරු අනුව සැකකරු අත්අඩංගුවට ගත් බවයි.
තවද ඔහුගෙන් සිදු කළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලින් පසුව තියුණු කඩු 5ක් සහ අපරාධ සඳහා භාවිතා කළ ජංගම දුරකථනයක් ද සොයා ගෙන ඇති බව සඳහන්.
මේ අතර මූලික පරීක්ෂණවලදී හෙළි වූයේ පොලිස් භාරයට ගෙන තිබූ කඩු ඉකුත් කාලයේ සිදුවූ පහරදීම් ඇතුළු විවිධ අපරාධවලට භාවිතා කර ඇති බවයි.
එසේම සැකකරු පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන්.