පමුණුගම මුහුදේ ගිලී අතුරුදන් වූ සිව්දෙනාගෙන් කාන්තාවක සහ දැරියන් දෙදෙනෙකුගේ සිරුරු හමුවෙයි
By Malith Madushan
පමුණුගම, එපාමුල්ල මුහුදු තීරයේ දිය නෑමට ගොස් මුහුදේ ගිලී අතුරුදන් වූ සිව්දෙනාගෙන් තිදෙනෙකුගේ මළ සිරුරු සොයාගෙන තිබේ. පොලිසිය සඳහන් කළේ සිද්ධියෙන් අතුරුදන් වූ 35 හැවිරිදි කාන්තාවකගේ සහ අවුරුදු 04 හා 12 වයස්වල පසුවන ගැහැණු ළමයින් දෙදෙනෙකුගේ සිරුරු මෙලෙස සොයාගත් බවයි.
මේ අතර, සිද්ධියෙන් අතුරුදන් වූ 13 හැවිරිදි පිරිමි ළමයා සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබේ. අතුරුදන් වූ පිරිස සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.