පිච්චුනාම ගාන මේ ආලේපන ඔයත් ගෑවද..? එහෙනම් භයානකයි..කඩවල් දාසයකින් හොයාගෙන..

Consumers Welfare Association Ministry of Consumer Affairs Authority Latest Headlines
By Sewvandhi Oct 19, 2024 09:06 AM GMT
Sewvandhi

Sewvandhi

Report

පාරිභෝගික කටයුතු අධිකාරිය මගින් ,වෛද්‍ය නිර්දේශ මත භාවිත කළයුතු සහ ඖෂධහල්වල පමණක් අලෙවි කළ හැකි ආලේපන වර්ග කිහිපයක් පිටකොටුවේ රූපලාවන්‍ය වෙළෙඳසැල්වල අලෙවියට තබා තිබියදී වටලා තිබේ.

ඒවා සම සුදු පැහැගැන්වීම සඳහා ඇතැම් පාරිභෝගිකයින් විසින් රැගෙන යන බවයි, එහිදී අනාවරණ වී ඇත්තේ.

ඊයේ(18) පාරිභෝගික කටයුතු අධිකාරිය, පිටකොටුව ප්‍රදේශයේ රූපලාවන්‍ය වෙළෙඳසැල්වල සිදුකළ එම හදිසි වැටලීමේදී ආලේපන වර්ග කිහිපයක් සිය භාරයට ගෙන තිබුණි.

යම් පිළිස්සීමකදී සමෙහි ඇතිවූ කැළැල් මැකීම සඳහා එම අලේපන වර්ග භාවිත කරන බවයි, පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කළේ

එම ආලේපන වර්ග ලබාගත හැක්කේ වෛද්‍ය නිර්දේශයක් මත පමණක් වන අතර ඒවා අලෙවි කළ හැක්කේද ලියාපදිංචි ඖෂධ සැල්වල පමණි.

නමුත් විවිධ පුද්ගලයින් සම සුදු පැහැ ගැන්වීම සඳහා මෙම ආලේපන වර්ග භාවිතයට යොමුවී ඇති බව පාරිභෝගික අධිකාරිය පෙන්වා දෙයි. පාරිභෝගික සේවා අධිකාරියේ (වැටටලීම් සහ විශේෂ විමර්ශන) අධ්‍යක්ෂ සංජීව වීරසිංහ මහතා,

"සුදු වෙන්න විශාල ආශාවක් තියෙන්නේ. තරුණ ගැහැණු ළමයි විතරක් නෙමෙයි පිරිමි ළමයි පවා මේ අලේපන භාවිත කරන බවට තොරතුරු ලැබුණා. මේක ශරීරයට හොඳ නැහැ. පිටකොටුවේ කඩ 16ක මෙම ආලේපන තිබී සොයා ගත්තා."

ReeCha