උප්පැන්න සහතිකය වෙනස් වෙයි..කරන්න යන අලුත්ම වැඩේ මෙන්න..

Report

අන්තර්ජාතික මට්ටමේ ද්වි භාෂා සහිත පිළිගත හැකි උප්පැන්න සහතිකයක් පුරවැසියන්ට ලබාදීම රජයේ අරමුණ බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා කියා සිටියා.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ, පුත්තලම දිස්ත්‍රික්කයේ ආණමඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුල උප්පැන්න ,විවාහ , මරණ සහතික නොමැති පුද්ගලයින්ට අදාල සහතික ලබාදීමේ විශේෂ ජංගම සේවාවට එක්වෙමින් .

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත්තේ, ලොව ඕනෑම රටක් පිළිගත හැකි ආරක්ෂිත උප්පැන්න සහතිකයක් ඉදිරියේදී නිකුත් කිරීමටයි.

ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා වැඩිදුරටත් කියා සිටියේ, ඉඩම් ඔප්පු සහ පත්තිරු අන්තර්ජාල ගත කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කර ඇති බවයි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now