ශ්‍රී ලංකාවේ පැවැත්වූ බිලියනපති ඩුබායි යුවළගේ ඉන්දීය මංගල උත්සවය. - (VIDEO)
ශ්‍රී ලංකාව මංගල ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කරමින් ඉන්දීය සම්භවයක් ඇති ඩුබායි ජාතික යුවලක් ඔවුන්ගේ විවාහ උත්සවය හම්බන්තොටදී පවත්වා තිබේ.
ප්‍රකෝටිපති යුවළ තම මංගල උත්සවය අමුත්තන් 400කට අධික පිරිසක් සමඟ පැවැත්වීමට තෝරාගෙන තිබුණේ හම්බන්තොට ෂැංග්‍රිලා හෝටලයයි.
"ආගන්තුක සත්කාරය විශ්මයජනක වූ අතර ශ්‍රී ලංකාව ස්වභාවික සෞන්දර්යයෙන් සමන්විත වන අතර සෑම දෙයක්ම ඇති බැවින් එය පරිපූර්ණ ගමනාන්තයක් බවට පත් කරන බව" ප්‍රකාශ කරමින් අමුත්තන් කිහිප දෙනෙක් දිවයින ජාතියට ප්‍රශංසා කළහ.