ශ්‍රී ලංකාවේ කෘෂිකර්මය දියුණු කරන්න බිල් ගේට්ස් ඉදිරිපත් වෙයි.
ශ්‍රී ලංකාවේ කෘෂිකර්මය දියුණු කිරීම වෙනුවෙන් ලෝක ප්‍රකට මයික්‍රොසොෆ්ට් ආයතනයේ හිමිකරු බිල් ගේට්ස්ගේ, බිල්ගේට්ස් පදනම ඉදිරිපත් වී තිබෙනවා.
ඒ, අනුව කෘෂි ක්ෂේත්‍රයේ ඵලදාව වැඩි කිරීම හා පෝෂණය වැඩි කිරීමේ කටයුතු වෙනුවෙන් ඩිජිටල් තාක්ෂණය යොදා ගැනීමේ මෘදුකාංගයක් හදුන්වාදෙමින් බිල්ගේට්ස් පදනම මෙරට කෘෂිකර්මය නැංවීමට ඉදිරිපත්ව සිටිනවා.
ඒ සඳහා වන මූලික සාකච්ඡාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් බිල් සහ මිලින්ඩා ගේට්ස් පදනමෙි නිලධාරීන් අතර ජනාධිපති කාර්යාලයේ දී පවත්වා තිබෙනවා.
ශ්‍රී ලංකාවේ කෘෂි කර්මාන්තය දියුණු කිරීම සඳහා ඩොලර් මිලියන 250 ක ප්‍රදානයක් මෙම ව්‍යාපෘතියෙන් ලැබෙන අතර කෘෂි ක්ෂේත්‍රයේ දත්ත එකතු කිරීම සහල් සහ අනෙකුත් භෝග වගාවන්ගේ පෝෂණය වැඩි කිරීම මෙහි මූලික අරමුණයි.
නව මෘදුකාංගයෙන් සෘජුවම පොහොර භාවිතයේ සිට ඵලදාව ලබා ගැනීම දක්වාත්, ලබාගන්නා ඵලාදව සංරක්ෂණය කිරීම උදෙසාත් අවශ්‍ය මඟ පෙන්වීම ලබා දෙන බව එහිදී සාකච්ඡා කර ඇති බව සඳහන්.
මීට අමතරව සමාජ ආරක්ෂණ වැඩපිළිවෙල ඩිජිටල්කරණය කිරීමට ද බිල් ගේට්ස් පදනම ඉදිරිපත්ව සිටින අතරම රටෙි මූල්‍ය පද්ධතිය මෙන්ම දේශගුණික විපර්යාස සම්බන්ධ අංශය ද මෙම මෘදුකාංගය ඔස්සේ ඩිජිටල්කරණයට ලක් කරනු ඇත.
එසේම රාජ්‍ය ප්‍රතිපත්ති සකස් කිරීමට ද මෙමගින් සහාය හිමිවනු ඇතැයි මූලික සාකච්ඡාවේ දී අනාවරණය වී තිබෙනවා.
මෙම කටයුතු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති උපදේශක සාගල රත්නායක හා ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහත්වරුන්ගේ අධීක්ෂණය යටත් සිදුවනු ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |