ලොකු ළුණු තොග මිල පහළට. - වෙනස් වූ මිල ගණන් මෙන්න.

Report

මේ දෙසැම්බර් මාසයේදී පමණක් රුපියල් කෝටි 186ක ලොකු ළුණු ආනයනය කර ඇති බව වාර්තා වෙනවා.

ඒ, අනුව මේ මාසය තුළදී ආනයනය කර තිබෙන ලොකු ළුණු ප්‍රමාණය කිලෝග්‍රෑම් දස කෝටි හැත්තෑ නවලක්ෂයකට අධික වන අතර කිලෝවක ආනයනික මිල රුපියල් 172ක්.

එමෙන්ම පසුගිය නොවැම්බර් මාසයේදීද රුපියල් කෝටි 252 ක ලොකු ළුණු තොග ආනයනය කර තිබෙනවා.

ලොකු ළුණු තොග මිල පහළට. - වෙනස් වූ මිල ගණන් මෙන්න. | Big Onion Wholesale Price Down

කෙසේ වෙතත් වෙළෙඳ පොළේ තවදුරටත් පාකිස්තානයෙන් ආනයනය කරන ලද ලොකු ලූනු කිලෝවක් අලෙවි කෙරෙන්නේ රුපියල් 520 ත් 600 ත් අතර මිලකටයි.

මේ අතර පෙරේදා (24) වන විට රුපියල් 700ක්ව පැවති තොග මිල රුපියල් 400ක් දක්වා අඩු වී ඇති බවයි වාර්තා වන්නේ.