සාගර කාරියවසම්ට එරෙහිව හදිසි පොලිස් පැමිණිල්ලක්- පොලිස්පතිවරයා ගැන කියපු කතාවට ජාතික භික්ෂු පෙරමුණෙන් වැඩ ඇරඹෙයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතාට එරෙහිව ජාතික භික්ෂු පෙරමුණ කුරුණෑගල පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
සාගර කාරියවසම් මහතා පොලිස්පතිවරයා සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කර ගනිමිනුයි පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.
ඒ පැමිණිල්ල කිරීමෙන් පසු ජාතික භික්ෂු පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් අනුශාසක පූජ්‍ය තිස්සව සුමනානන්ද ස්වාමින්වහන්සේ මාධ්‍ය වෙත අදහස් දක්වා ඇත