රාත්‍රියේ නිවසක හටගත් භයානක තත්වය - සිද්ධිය පාලනයට පොලීසයත් පැමිණෙයි.

Report

අධිකරණය මඟ හරිමින් සිටින වරෙන්තු ලැබූ පුද්ගලයෙක් සොයා ඔහුට ඇප සඳහා අස්සන් කළ පුද්ගලයෙක් සහ තවත් දෙදෙනෙක් ඊයේ රාත්‍රියේ බේරුවල , මග්ගොන එදිරිල්ලගොඩ ප්‍රදේශයේ නිවසකට ගොස් ඇති අතර එහිදි ඇති වූ බහින් බස් වීමක් මත නොසන්සුන් තත්වයක් ඇතිව තිබුණා.

පසුව එහි පැමිණි අසල්වාසීන් කිහිපදෙනෙකු වරෙන්තුකරු සොයා පැමිණි තිදෙනාට පහර දී ඇති අතර මෙම සිදු වීම පාලනය කිරිම සඳහා පොලීසියද පැමිණි තිබූණා.

නිවසට අයථා ලෙස ඇතුල්වීම චෝදනාව යටතේ වරෙන්තුකරු සොයා නිවසට පැමිණි තිදෙනා බේරුවල පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බවයි පොලීසය පැවසුවේ. 

- සිතුමි -