අගෝස්තු මාසයට පෙර කරන්න යන දෙයක් ගැන රජයෙන් ජනතාවට එකවරම දැනුම්දීමක් මෙන්න..

Report

පළාත් සභා, පළාත් පාලන සහ පරිසර රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය.

අගෝස්තු මාසයට පෙර කරන්න යන දෙයක් ගැන රජයෙන් ජනතාවට එකවරම දැනුම්දීමක් මෙන්න.. | Before August162 Bridges Will Owned By The People

ඒ ඉදිකරමින් පවතින පාලම් 162ක වැඩකටයුතු අවසන් කර එළඹෙන අගෝස්තු මාසයට පෙර ජනතා අයිතියට පැවරීමට කටයුතු කරන බවයි.

ඒ මහතා මේ බව කියා සිටියේ අද (18) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින් ය.

එම පාලම්වලින් කොටසක් එළඹෙන අප්‍රේල් 10 වනදාට පෙර ජනතා අයිතියට පත් කිරීමට සූදානම් ය.

එමෙන්ම, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු රජය විසින් ලබාදුන් පොරොන්දුවලින් අති බහුතරයක් මේ වන විටත් ඉටුකර අවසන් බව ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

තවද, සියලුම අමාත්‍යාංශ යටතේ සිදු කරන සංවර්ධන කටයුතු ඉතාමත් කඩිනමින් අවසන් කිරීමට බලපොරොත්තු වන බව ද ඒ මහතා සඳහන් කළේ ය.

කෙසේ වෙතත්, වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ඇතැම් කඩාකප්පල්කාරී පිරිස් සඳහා තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවයි.