බියර් හදන්න සෝගම් වවන්න ඉඩම් දෙන්නම් - ඇමති ලාල්කාන්ත

Report

තමාගේ මතය අනුව මත්පැන් යනු ආහාරයක් බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ(12) පැවසුවා.

ඒ, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යංශයේ වැය ශීර්ෂයට අදාළ විවාදයට පාර්ලිමේන්තුවේදී එක්වෙමින්.

"මටනම් හාල්වලින් වෙනත් වෙනත් නිෂ්පාදන කෙරෙනවා කිව්වහම පුදුම සතුටක් තියන්නේ.. නමුත් අපි රටේ නීති පනවලා තියනවා හාල් නිෂ්පාදනවලට භාවිතා කිරීම තහනම් කියලා. ඒවුනාට වී වලින් තවත් නිෂ්පාදන බිහි වෙන්නෙක ගොඩාක් හොඳයි. බිස්කට්, කේක්, මත්පැන්.. මම නම් කියන්නේ මත්පැන් කියන්නේ ආහාරයක්. වෛද්‍යවරු මොනවා කිව්වොත් මම නම් කියන්නේ ඒකත් එක්තරා පිරිසකුට ආහාරයක්.

රනිල්ගේ උරුමයට වෙන්න යනදේ

රනිල්ගේ උරුමයට වෙන්න යනදේ

මත්පැන් නිෂ්පාදනයට අච්චරක් යනවා මෙච්චරක් හොරෙන් යනවා කියනවා. මම නම් කියන්නේ ඒවා ගන්න තරමට හොඳයි. අපි සමත් විය යුතුයි අවශ්‍යතාව දෙන්න. නමුත් නීති තිබෙනවා. එක් සමාගමක් ඇවිල්ලා මගෙන් ඉඩම් ඉල්ලුවා සෝගම් වගා කරන්න. මම ඇහැව්වා මොකටද කියලා. බියර් හදන්න කිව්වා. මම කිව්වා කරමු කියලා. ඒ වෙලාවෙම ආවා සහල් ප්‍රශ්නය. අපි ඒ වෙලාවේ සෝගම් වගාවට ඉඩම් වෙන් කළා නම් කියනවා බලන්නකො එන්.පී.පී.ය සෝගම්වලටත් ඉඩම් දීලා කියලා. ඉදිරියේ දී කරනවා. වෙනත් පිරිසක් අක්කර දෙසියයක් ඉල්ලුවා දූරියන් වගාවට. පසුගිය කාලයේ නරක විධියට ඉඩම් පරිහරණය කර තිබෙන නිසා අලුතින් ඉඩම් ලබාදීමේ දී සැලකිලිමත් වෙන්න සිදු වෙනවා. ඒ නිසා ආයෝජකයන්ට ඉඩම් දීම සම්බන්ධයෙන් යම් විමර්ශනාත්මක මැදිහත් වීමක් කරන්න."