මුහුදු වෙරළට ආපු සරසවි සිසුන් පිරිසක් කරපු අපූරු වැඩේ.(VIDEO)

By Wayomi Jun 06, 2023 09:16 AM GMT
Report

ඊයේ දිනයට (05) යෙදී තිබුණු ලෝක පරිසර දිනය සහ සාගර දිනය නිමිත්තෙන් වෙරළබඩ/වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් සංවිධානය කර තිබුණා.

ඒ, සුරාඩෝ කැම්පස්, නාගරික සංවර්ධන අධිකාරිය යටතේ වෙරළ සංරක්ෂණ සහ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව සමඟ ඒකාබද්ධවයි.

එහිදී ඔවුන් මට්ටක්කුලිය ක්රෝ අයිලන්ඩ් බීච් හිදී පිරිසිදු කිරීම් කටයුතු ආරම්භ කළ අතර සුරඩෝ කැම්පස් හි සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී, ආචාර්ය රචිත බුද්ධික, අධ්‍යක්ෂවරුන් එම්. දිසානි ආදිහෙට්ටි ඇතුළු කාර්ය මණ්ඩලය, සිසුන් සහ ස්වේච්ඡා ජනතාව මීට එක්ව සිටියා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW