ජනපතිට හදිසි දැනුම් දීමක්...ප්‍රවේශම් වෙන්නත් කියයි (video)
ජාතික ජන බලවේගය තුළට මරාගෙන මැරෙන අන්තවාදී කණ්ඩායමක් සම්බන්ධ වී ඇති බව බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් පවසති.
අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එක් වෙමින් උන්වහන්සේ පවසා තිබෙන්නේ ඒ සම්බන්ධයෙන් කරුණු සනාථ කිරීමට සාක්ෂිද තමන් වහන්සේ සතුව ඇති බවය.
ඉස්ලාම් අන්තවාදීන් වන මෙම පිරිසෙන් ප්‍රවේශම් වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට දැනුම් දෙන බවද උන්වහන්සේ මෙහිදී සඳහන් කර තිබේ.
එවැනි කණ්ඩායම් ජාතික ජන බලවේගයට ඇතුළත් වූ පැහැදිලි කිරීමට අදාළ අත්පත්‍රිකාවක් සහ ඡායාරූපයක්ද උන්වහන්සේ විසින් එහිදී ප්‍රදර්ශනය කර ඇත.