“නිල් මහා සටන” ජයග්‍රාහී කණ්ඩායමට ජනපති සුරතින් තෑගී - විශේෂ නිවාඩු දිනයකුත් ලබා දෙයි..(PHOTOS)

Report

අද (18) කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැති 144 වන නිල් මහ සටන ලකුණු 181කින් ජය ගැනීමට කොළඹ රාජකීය විද්‍යාලය සමත් විය.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් කොළඹ රාජකීය විද්‍යාලය සිය පළමු ඉනිමට කඩුලු 8ක් දැවි ලකුණු 326ක් රැස්කරගෙන සිටියදී සිය ඉනිම අත්හිටුවනු ලැබීය.

ඒ අනුව ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයට සිය පළමු ඉනිමට සියලු දෙනා දැවි රැස්කරගත හැකිවූයේ ලකුණු 153ක් පමණි. කොළඹ රාජකීය විද්‍යාලය සිය දෙවන ඉනිමට ලකුණු 168ක් රැස් කළ අතර ශාන්ත තෝමස් විද්‍යාලය රැස් කළේ ලකුණු 161කි.

මේ අතර ජයග්‍රහණය වෙනුවෙන් කොළඹ රාජකීය විද්‍යාලය මාර්තු 20 වනදා විශේෂ නිවාඩු දිනයක් ප්‍රකාශයට පත්කර තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, .....ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. කාබනික නැවුම් ආහාර රස විඳීමට, නවාතැන් පහසුකම් සහ විනෝදාස්වාදය ලබා ගැනීම වගේම තවත් සුපිරි වාසි රැසක්. 


වැඩි විස්තර මෙතනින්...


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery