ලොක්කන් පොඩ්ඩන් නොවෙනස්ව ආදරය කළ බැට් මෑන්ට සිදුවූ දේ..

Hollywood Movies English Movie Review Hollywood Latest Headlines
By Sewvandhi Sep 17, 2024 09:46 AM GMT
Sewvandhi

Sewvandhi

Report

 ලොව පුරා කුඩා තරුණ ඕනෑම කෙනෙක් අතර ජනප්‍රිය වසර 85ක් පුරා කොමික් පොත්වල, රූපවාහිනියේ සහ චිත්‍රපටිවල නොමැකෙන ප්‍රබන්ධ චරිතයක් තමයි බැට් මෑන් කියන්නේ.

ඉතිහාසයේ ප්‍රථම වතාවට බැට්මෑන්හට හොලිවුඩ් Walk Of Fame හි තරුවක් ලබාදීමට තීරණය කර තිබෙනවා.

හොලිවුඩයේ චිත්‍රපට, රූපවාහිනී, සංගීත, රේඩියෝ වැනි ක්ෂේත්‍රයන් හි ඉමහත් සේවයක් කල පුදගලයින් සහ චරිත සඳහා පිදෙන ගෞරව සම්මානයක් වැනි දෙයක් තමයි Walk Of Fame කියන්නේ.

එය හොලිවුඩ් හි Boulevard සහ Vine Street හි පදික වේදිකාවේ සටහන් කර ඇති ටෙරාසෝ සහ පිත්තල මිශ්‍ර තරුවලින් සමන්විත ස්ථානයකි.

හොලිවුඩ් යන සංචාරකයක් අතර ජනප්‍රිය ස්ථනයක් වන මෙය 1953 දී හොලිවුඩ් වාණිජ මණ්ඩලය විසින් එහි සභාපති වූ ඊ.එම්. ස්ටුවර්ට් මෙය හඳුන්වා දී තිබෙනවා.

මින් පෙර මෙසේ කිසිම සුපිරි වීර චරිතයකට Walk Of Fame හි තරුවක් ලැබී නොමැති මේ ගෞරවය හිමි වූ පළමු වීරයා වන්නේ Batman.

මෙය 2790 වෙනි තරු ප්‍රධානය වෙන අතර එය ලබන 26 වනදා The Hollywood Guinness World Records Museum ඉදිරියේ සිදුකිරිමට නියමිතයි. 1939 ඩිටෙක්ටිව් කොමික්වල 27 වන කලාපයේදී Batman චරිතය ලොවට හඳුන්වා දුන් අතර Bob Kane සහ ලේඛක Bill Finger එහි නිර්මාතෘවෙනවා