බැසිල් රාජපක්ෂට ඇමරිකාවේදී හදිසියේම සිදුවූ දේ..ලංකාවට එන්න විදියක් නැහැ කියයි..

Basil Rajapaksa Sri Lanka Politician United States of America Department of Prisons Sri Lanka
By Aruna Oct 27, 2024 02:00 AM GMT
Aruna

Aruna

Report

හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතා අධිකරණය විභාග වන නඩුවක පෙනී සිටීම සඳහා වෙනත් දිනයක් ලබාදෙන ලෙස ඉල්ලීමක් කර තිබෙන බව වාර්තා වනවා.

ඒ මාතර ප්‍රදේශයේ ඉඩමක් මිලදී ගැනීමට අදාළව විභාග වන නඩුවක් මාතර මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදීයි.

රට පුරා පාසල් ගුරුවරුන් 9000ක් සම්බන්ධයෙන් නව රජය ගන්න යන විශේෂ තීරණය මෙන්න.

රට පුරා පාසල් ගුරුවරුන් 9000ක් සම්බන්ධයෙන් නව රජය ගන්න යන විශේෂ තීරණය මෙන්න.


තම සේවා දායකයා අසනීපයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ සිටින බවයි, ඔහු වෙනුවෙන් පෙනීසිටින නීතිඥයන් අධිකරණයට දන්වා සිටියේ.

ඊට අදාළ වෛද්‍ය වාර්තාවක් ද අධිකරණයට ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම නඩුව පවරා ඇත්තේ ජර්මන් ජාතිකයකුගෙන් අදාල ඉඩම මිලදී ගැනීමේදී මුදල් උපයා ගැනීම සම්බන්ධයෙන්.

බැසිල් රාජපක්ෂ මහතාගේ බිරිඳගේ සහෝදරියකගේ නමින් එම ඉඩම මිලදී ගෙන ඇති අතර මිලදී ගැනීමට අදාල මුදල් ඇයගේ ගිණුමකට බැර කර ඇති බව ද පැවසේ.

දිවයින පුරා ඉදිරි පැය 24 ගැන දැනුම්දීමක්..

දිවයින පුරා ඉදිරි පැය 24 ගැන දැනුම්දීමක්..


එම මුදල් ලැබී ඇති ආකාරය සම්බන්ධයෙන් තොරතුරු ඉදිරිපත් කිරීමට ඔවුන් අපොහොසත් වී තිබෙන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.