බැසිල් රාජපක්ෂ හදිසියේම රටින් පිටව යයි..
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද (20) උදෑසන ඩුබායි බලා පිටත්ව ගොස් තිබෙන බව වාර්තා වනවා.
ඒ, එමිරේට්ස් ගුවන් යානයකින් බවයි පැවසෙන්නේ.
ගුවන්තොටුපොළ ප්‍රකාශකයෙකු උපුටා දක්වමින් සඳහන් කළේ, ඔහු ඩොලර් 206ක මුදලක් ගෙවා ‘රන් මාවත’ මාවත පර්යන්තයේ පසුකම ද ලබා ගෙන ඇති බවයි.
මේ අතර, බැසිල් රාජපක්ෂ මහතා ඩුබායි සිට අමෙරිකාව බලා ගමන් කිරීමට සැලසුම් කර ඇති බවට ද තොරතුරු වාර්තා වනවා.