බැසිල්ට අනතුරක් .මස 06 ක් ගෙදරම ඉන්නලු ( PHOTO )

Basil Rajapaksa United States of America Law and Order Sinhala news
By Hashan May 24, 2025 09:50 AM GMT
Hashan

Hashan

Report

බැසිල් රාජපක්ෂට එරෙහිව ගොනු කර ඇති මාතර බ්‍රවුන්ස්හිල් ප්‍රදේශයේ අක්කර එකහමාරක ඉඩමක් රුපියල් කෝටි පහකට මිලදී ගැනීමට අදාළ නඩුව ඊයේ (23) මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් කැදවනු ලැබුවා.   

නමුත් එම නඩු වාරයේ දී බැදිල් රාජපක්ෂ අධිකරණය හමුවේ පෙනී සිටියේ නැත . එයට හේතුව ලෙස ඔහුගේ නීතිඥවරයා සඳහන් කර සිටියේ ඇමරිකාවේ සිටින බැසිල් රාජපක්ෂ මහතා පුටුවකින් ඇද වැටී අනතුරකට ලක්ව ගෙල සහ ස්නායු ආශ්‍රිත ආබාධයකට ලක්ව ඇති බවයි.   

ඒ අනුව ඔහුට වෛද්‍යවරුන් නිර්දේශ කර ඇත්තේ මාස හයක කාලයක් ගුවන් ගමන්වල නොයෙදෙන ලෙස ට බව නීතිඥවරයා අධිකරණයට පවසා සිටියා.   

දින 42ක් පුරා විගණකාධිපති ධුරය හිස්

දින 42ක් පුරා විගණකාධිපති ධුරය හිස්

එසේම ඔහු තවදුරටත් කියා සිටියේ බැසිල් රාජපක්ෂ මහතා මේ වර්ෂයේ මැයි මාසයේ 18 සහ 19 වැනි දිනවල ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා ගුවන් ටිකට් වෙන් කර තිබුණ ද මෙම අනතුර හේතුවෙන් ඒවා අවලංගු කර ඇති බව යි.   

කෙසේ වෙතත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මහත්මිය මෙම වෛද්‍ය වාර්තාවල විශ්වසනීයත්වය ප්‍රශ්න කරමින් සැකකරුගේ ඇප අවලංගු කරන ලෙස ඉල්ලා සිටියාය.  ඇය පැවසුවේ එක්ස් කිරණ වාර්තා අනුව බෙල්ලේ සුළු උලුක්කුවක් සහ මාංශ පේශිවල සුළු ඇදීමක් පමණක් තිබෙන බවත් එය සති දෙකකින් සුව වන බවත් වෛද්‍යවරුන් සඳහන් කර ඇති බවයි.

2025 මාර්තු මාසයේ 18 වැනිදා නිකුත් කර ඇති වෛද්‍ය වාර්තාවේ මාස හයක ගුවන් ගමන් තහනමක් සඳහන් වී ඇත්නම් මැයි මාසයේ ගුවන් ටිකට් වෙන් කිරීම පිළිබඳව ප්‍රශ්නයක් ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය පෙන්වා දුන්නාය.   ඊට පිළිතුරු දෙමින් නීතිඥ අනිල් ද සිල්වා මහතා පැවසුවේ ඇමරිකානු වෛද්‍ය වාර්තා විශ්වසනීය බවත් ඊළඟ නඩු දිනයේ තම සේවාදායකයා අධිකරණයට පැමිණෙන බවත්ය.

අද දවසේ රන් මිල

අද දවසේ රන් මිල

සිය සේවාදායකයාගේ අසනීපය සම්බන්ධයෙන් සැක කිරීම සුදුසු නොවන බව ඔහු අධිකරණයේදී ප්‍රකාශ කළේය.

මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලීමෙන් පසු තීරණය කළේ ඇප අවලංගු කිරීමක් හෝ වරෙන්තු නිකුත් කිරීමක් නොකරන බවයි.  මෙම නඩුව දීර්ඝ කාලයක් තිස්සේ සැකකරු අධිකරණයේ පෙනී සිටි නඩුවක් බවත් ඒ නිසා ඇප අවලංගු කිරීමක් නොකරන බවත් ඔහු පැවසීය.

විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්

විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්

මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ලබන නොවැම්බර් මාසයේ 21 වැනිදා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අධිකරණයේ පෙනී සිටින ලෙසයි. බැසිල් පුටුවකින් වැටී බෙල්ල කැඩෙයි 

ReeCha