තැබෑරුම් වසා දැමීමක් ගැන බන්දුල ගුණවර්ධනගෙන් දැනුම්දීමක්..

Report

හෝමාගම ප්‍රාදේශීය ලේකම්වරයාගේ විරෝධතාවය මධ්‍යයේ හෝමාගම පිටිපන ප්‍රදේශයේ විවෘත කරන ලද නව තැබෑරුම් දෙක වසා දැමීමට කටයුතු කර ඇතැයි ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (26) දින ප්‍රකාශ කළේ ය.

අමාත්‍යවරයා අද දින මෙම ප්‍රකාශය සිදු කළේ, පනාගොඩ පැළෑදගොඩ ප්‍රදේශයේ දීයි.

මම පහුගිය කාලේ පොසොන් කලාපයක් කරලා ලක්ෂ ගණනක් ජනතාව ආපු හෝමාගම පිටිපන ප්‍රදේශයේ මිහිඳු හාමුදුරුවෝ වැඩලා දුන්නා වගේ පොසොන් කලාපය ඉවර වෙනවාත් සමගම තැබෑරුම් දෙකක් ආරම්භ කරන්න කටයුතු කරල තිබූ බවයි පැවසෙන්නේ.

මෙවර ජනපති පුටුවට අපේක්ෂකයින් 12ක් සටනට එයි..එම අපේක්ෂක ලැයිස්තුව මෙන්න..

මෙවර ජනපති පුටුවට අපේක්ෂකයින් 12ක් සටනට එයි..එම අපේක්ෂක ලැයිස්තුව මෙන්න..


ඒ සම්බන්ධයෙන් අපි පිටිපන හන්දියේ උද්ඝෝෂණයකුත් කලා.

මම කිව්වා හෝමාගම එහෙම තැබෑරුම් බලපත්‍ර ලබාදෙනවා නම් ඒ ආණ්ඩුවේ ඇමතිකම් කරන්න මම සූදානම් නෑ කියලා.

ඒ අනුව ආරම්භ කරන ලද තැබෑරුම් දෙක ඊයේ වන විට වසා දැමීමට කටයුතු කර තිබෙනවා යැයි ද බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ ය.

ඒ මහතා වැඩි දුරටත් පැවසුවේ, බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය ඇතුළු ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසි දහසකට ආසන්න පිරිසක් ඉගෙනුම ලබන විශ්වවිද්‍යාල ගණනාවක් සහ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් පහලොස් දහසකට ආසන්න පිරිසක් ඉගෙනුම ලබන පාසල් කිහිපයක් සහ වාර්ෂික පොසොන් කලාපය සිදු කරනු ලබන අවුකන පිලිම අනුරුව ආසන්නයේ මෙලෙස තැබෑරුම් විවෘත කිරීමට හෝමාගම සංවර්ධන කමිටුවේ සභාපතිවරයා ලෙස තමන් සිටිනාතාක් ඉඩ නොදෙන බවයි.

අද ප්‍රබල ග්‍රහ යෝගයක්..ලග්න 06කට ඉතාමත් ශුභයි. ලග්න 04ක අයට රතු එළියක්..කාන්තා ආකර්ෂණයත් වැඩි වෙයි.

අද ප්‍රබල ග්‍රහ යෝගයක්..ලග්න 06කට ඉතාමත් ශුභයි. ලග්න 04ක අයට රතු එළියක්..කාන්තා ආකර්ෂණයත් වැඩි වෙයි.