අද සිට දින 17ක් එක දිගට සුරා සැල් වසා දැමීමක් ගැන දැනුම්දීමක්..හදිසියේ වහන්න හේතුව මෙන්න..
මත්පැන් අලෙවිසැල් දින 17ක් වසාතැබෙයි.
රුහුණු කතරගම දේවලයේ වාර්ෂික ඇසළ උත්සවය නිමිත්තෙන්, කතරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ සියළුම මත්පැන් අලෙවිසැල් දින 17ක් වසාතැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පසුගියදා ප්‍රකාශ කළේ ය.
ඒ අනුව ජූලි මස 06වනදා එනම් අද සිට ජූලි මස 22වනදා දක්වා සියළු මත්පැන් අලෙවිසැල් වසා තැබෙනු ඇති.
ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ 2024 වාර්ෂික ඇසළ මංගල්‍යය අද (06) දිනෙන් ආරම්භ වීමට නියමිතව තිබේ.
මීට අදාල නිවේදනය පහතින්,
