මෙරට බැංකු 03කට ලෝක බැංකුවෙන් සුපිරි අවස්ථාවක්..එම බැංකු 03 මෙන්න..

By Aruna Feb 28, 2023 12:40 AM GMT
Report

මෙරට ආනයන ඇතුළු ආර්ථිකයේ සියයට 30 ක පමණ ප්‍රතිශතයක මූල්‍ය ගනුදෙනු මෙහෙයවන පෞද්ගලික බැංකු තුනකට, ලෝක බැංකුවට අනුබද්ධ ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව ඩොලර් මිලියන 400 ක විදෙස් මුදල් හුවමාරු පහසුකමක් ලබාදී තිබෙනවා.

මෙම පහසුකම හිමිවී ඇත්තේ කොමර්ෂල්, නේෂන්ස් ට්‍රස්ට් සහ සම්පත් යන බැංකු වෙත වීම විශේෂත්වයක්.

ආහාර, ඖෂධ සහ පොහොර ආනයනය සඳහා අදාළ පහසුකම් ලබාදෙන බව එම මූල්‍ය සංස්ථාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

එමගින් මුහුණ දී ඇති දුෂ්කරතා අවම කරගනිමින් කිසියම් ලෙස ආර්ථිකය යථාවත් කරගැනීමට හැකිවනු ඇති බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.

මේ අතර ශ්‍රී ලංකාව මුහුණ පා ඇති ආර්ථික අර්බුදය හමුවේ ලබාදිය හැකි සියලු සහය ලබාදීමට පැරිස් ආධාර කණ්ඩායම තුළත් ඉන් පිටතත් ප්‍රංශය සූදානම් බව මෙරට ප්‍රංශ තානාපති ජීන් ෆ්‍රෑන්ක්කොයිස් ප්‍රකාශ කර තිබෙනවා.

ඒ වරාය හා නාවික, ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සමඟ ඊයේ පැවති හමුවකට එක්වෙමින්.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now